May 04, 2024

ජෝන්ගේ මන්ත්‍රී සිහිනය අවසන් Featured

November 01, 2020

ජෝන් අමරතුංග මහතාව එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් නොකිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ .

ඒ ජෝන් අමරතුංග මහතාව මන්ත්‍රී ධුරයට පත් කිරීමෙන් පසු ඔහු ආණ්ඩුවට එක් වෙතැයි යන හේතුව මතය .

ජෝන් අමරතුංග මහතා ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ඉතා කිට්ටු සම්බන්ධතාවයක් තිබෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරද්දී විපක්ෂයේ සිටි ජෝන් අමරතුංග මහතාවද ආණ්ඩුවේ නිල විදෙස් සංචාර රැසකට එක් කරගත් බවත් ඒ අවස්ථාවේ ඔහුට මහින්ද රාජපක්ෂ රජයට එක් වීමේ අවශ්‍යතාවයක් තිබූ බවත් ජෝන් අමරතුංග මහතාගේ වයස හා සලකා බලන විට මේ ඔහුගේ අවසාන අවස්ථා වන බැවින් ඔහු ආණ්ඩුවට එක්වීමට ඇති අවස්ථාව ඉතා ඉහළ මට්ටමක පවතින බව රනිල් වික්‍රමසිංහ මහතාට සමීප පිරිස් ඔහුට දැනුම් දී තිබේ .

මෙම කරුණු හා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විපක්ෂයේ සිටි පිරිස් සහයෝගය දැක්වූ අයුරු සැලකිල්ලට ගෙන රනිල් වික්‍රමසිංහ මහතා ජෝන් අමරතුංග මහතාව එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් නොකිරීමට තීරණය කර තිබේ .

එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තුවේ අංක එකට තිබෙන්නේ තමාගේ නම බවත් පරාජිතයන්ට ජාතික ලයිස්තුවෙන් අවස්ථාවක් නොදීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බැවින් තමාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන ලෙසත් එසේ නැතිනම් තමා දේශපාලනය විශ්‍රාම යන බවටත් ජෝන් අමරතුංග මහතා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ටික දිනකට පෙර ප්‍රකාශයක්ද කරන ලදී .

Rate this item
(1 Vote)
Last modified on Sunday, 01 November 2020 12:46