May 17, 2024

ලෝක ඉන්ධන මිල පහලයාමේ වාසිය ජනතාවට ලබාදීමට රජයේ අවධානය

ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන මිළ දැනට සති කිහිපයක සිට අඩුවෙමින් පවතින හෙයින් එහි වාසිය මහජනතාවට ලබා දීම සඳහා පියවර ගැනීමට  විදුලිබල බලශක්ති  අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධානය යොමු කර තිබේ.

කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පැවැතීම හේතුවෙන් මේ වනවිට ලෝක වෙළෙඳ පොළෙහි ඉන්ධන මිල ක්‍රමානුකුලව පහත යමින් පවතී.

මෙම කාරණය සැළකිල්ලට ගනිමින් මෙම සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී  මෙරට ඉන්ධන මිළ සංශෝධනයක්  සිදු කිරීම හා ලෝක ඉන්ධන මිළ පහළ යාමේ වාසිය මෙරට ජනතාවට ලබා දීමේ අරමුණින් ඒ් සම්බන්ධව කරුණු  අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 March 2020 07:48