May 17, 2024

පළාත් 9ට කාන්තා ඒ.එස්.පීලා 09ක්

September 18, 2016

දිවයිනේ පළාත් නවයට සහකාර පොලිස් අධිකාරීවරියන් නවදෙනෙකු පත් කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් දී තිබේ.

පොලිස් කාන්තාවන්ගේ සේවා ප්‍රශ්න සහ ගැටලු විසඳීම සඳහා මෙම කාන්තා පොලිස් නිලධාරිනියන් පත් කෙරෙන බව එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේය.

පොලිස් කාන්තාවන්ගේ ප්‍රශ්න ඉහළ තනතුරු දරන පොලිස් නිලධාරීන්ට ඉදිරිපත් කිරීමට ඔවුන් මැලිවෙන තත්ත්වයක් පෙනෙන්නට ඇති හෙයින් ඊට විසඳුමක් වශයෙන් මෙම පියවර ගත් බව ලේකම්වරයා පැවසී ය.

Rate this item
(0 votes)