May 22, 2024

ජොන්ස්ටන්ට රට යාමට අවසර

විදේශ ගමන් තහනමකට ලක්ව සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට දින 05ක කාලයක් විදේශ ගත වීමට අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත මෝසමක් මගින් සිදුකල ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙසේ ඒ මහතාට විදේශ ගත වීමට අවසර ලබා දී තිබේ.

බිරිදට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුවට යාමට අවශ්‍ය බැවින් ඒ සදහා ලබන 20වනදා සිට 25වනදා දක්වා අවසර ලබා දෙන ලෙස මෝසම මගින් ඉල්ලා ඇති බව වාර්තා වේ.

අඛණ්ඩව වසර 5ක කාලයක් වත්කම් හා බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවකින් තොරව ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අධිකරණය හමුවේ නඩු 05ක් ගොනුකර ඇති අතර ඒ සම්බන්ධ නඩුව යළි ලබන 27වනදා කැදවීමට නියමිතය.

Rate this item
(0 votes)