May 03, 2024

විදෙස් යුවලගේ මුදල් සොරාගත් සිසුන් දැලේ

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදි ජර්මන් ජාතික යුවලකගේ ගමන් මල්ලේ තිබු මුදල් පසුම්බිය සොකරම් කළ බව කියන පාසැල් සිසුන් 03 දෙනෙක් සහ තරුණයෙකු ඊයේ (30) දහවල් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය සඳහන් කරයි.

ඔවුන් සිද්ධිය පිළිබඳව දුම්රිය ස්ථානයේ නිලධාරින්ට දැනුම් දී ඇති අතර දුම්රිය ස්ථානය ඉදිරියේ ඇති ත්‍රීරෝද රථ ගාලේ රියදුරන් පිරිසක් විසින් අදාළ සැකකාර සිසුන් තිදෙනා අල්ලා පොලීසියට භාරදී ඇත. 

ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය මෙම  සිසුන්ගෙන් ලද තොරතුරු මත සැකකාර තරුණයා ද බණ්ඩාරවෙල නගරයේදීම අත්අඩංගවට ගත් බව පොලිසිය කියා සිටී. 

සැකකරුවන් ලඟ තිබි යූරෝ 50 මුදල් නෝට්ටුවක් හා දේශිය මුදල් රුපියල් 19600 ක් ද සොයගත් බව පොලීසිය ප්‍රකාශ කරයි.

එම සැකකාර සිසුන් තිදෙනා බදුල්ල මධ්‍ය විද්‍යාලයක ඉගෙනුම ලබන 13 හැවිරිදි සහ 14 හැවිරිදි වියේ පසුවන්නන් බව වාර්තා වේ.

බණ්ඩාරවෙල පොලීසිය විසින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

රංජිත් රාජපක්ෂ - හැටන්

Rate this item
(1 Vote)