May 08, 2024

පාඨලීට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ගමන්ගත් වාහනයක ගැටී තරුණයෙකු බරපතල තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 03 දෙනෙකු පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

ශෙහාන් සේමසිංහ මහතා, කංචන විජේසේකර මහතා සහ ඩී.වී. චානක යන මහත්වරුන් විසින් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

මේ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඞී.වී. චානක මහතා සඳහන්කළේ අනතුරෙන් තුවාල ලැබූ සංදීප් සම්පත් මහතාට සහ ඔහුගේ පවුලේ ඥාතීන්ට සාධාරණයක් ඉටුවිය යුතු නිසා මෙම ඉල්ලීම සිදුකළ බවය. 

පසුගිය පෙබරවාරි මස 29 වනදා හෝ ඊට ආසන්න දිනකදි රාජගිරිය සරණ මාවත ආසන්නයේදී මෙම රිය අනතුර සිදුවුණු අතර ඉන් තුවාල ලැබූ සංදීප් සම්පත් මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 05 March 2016 13:58