May 03, 2024

'අනතුර කළේ පාඨලී බවට සාක්ෂි නෑ'

මෙතෙක් කරන ලද විමර්ශනයන්ට අදාළව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට චෝදනා එල්ල වූ රිය අනතුර සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් ජිප් රථය පැදවූ බවට කිසිදු තොරතුරක් වාර්තා නොවන බව පාදුක්ක පොලිසිය ඊයේ (30) කොළඹ රථවාහන අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ‍වෙත දැනුම් දී තිබේ.

සිද්ධියට අදාළව පුද්ගලයන් 37කගේ ප්‍රකාශ ලබාගත් බවත් දුරකථන විශ්ලේෂණ වාර්තා හා අමාත්‍යවරයාගේ ප්‍රකාශ මත පදනම්ව මෙතෙක් කරන ලද විමර්ශනවලදී රියදුරු ලෙස අමාත්‍යවරයා කටයුතු කළ බවට කරුණු අනාවරණය නොවුණ බවත් පොලිසිය වැඩිදුරටත් පවසන අතර පාදුක්ක පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පැවසුවේ සිද්ධියට අදාළ CCTV දර්ශන පරීක්ෂා කළමුත් එයින් ද කිසිවක් අනාවරණය කරගන්න නොහැකි වූ බව යි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 31 March 2016 15:40