May 09, 2024

බිරිඳගේ අනියම් සැමියා මිරිස් ගලකට යටකරයි (PHOTOS)

ගලේවෙල ඉහළ බම්බාව ප්‍රදේශයේ දී ඊයේ (04) රාත්‍රියේ පුද්ගලයෙකුට පිහියකින් ඇන මිරිස් ගලකින් හිසට පහර දී මරා දමා එම පුද්ගලයා ද වස පානය කිරීම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකර ඇතැයි ගලේවෙල පොලිසිය සඳහන් කරයි.

පහරදීමෙන් මියගොස් ඇත්තේ ගලේවෙල ඉහළ බම්බාව ප්‍රදේශයේම පදිංචි කේ. ජි. නිශාන්ත නමැති දෙදරු පියෙකි.

අදාළ තැනැත්තා ඝාතනය කර ඇත්තේ ද එම ප්‍රදේශයේම පදිංචි දෙදරු පියෙකි.

මියගිය පුද්ගලයා  තමාගේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන බවට වස පානය කළ පුද්ගලයා විසින් මිට දින කීපයකට පෙර ගලේවෙල පොලිසියට පැමිණිලි කර ඇති අතර දෙපාර්ශවය කැඳවා ඒ සම්බන්ධව විභාග කොට ඇත.

එම විභාගයෙන් පසු වස පානය කළ පුද්ගලයාගේ බිරිඳ තමා මියගිය පුද්ගලයා සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන බව සඳහන් කළ ලිපියක් ලියා තබා නිවසින් පිටව ගොස් ඇත.

එයට මෙයට කෝප වූ සැමියා මියගිය පුද්ගලයා සමඟ මත්පැන් පානය කිරීමට යැයි පවසා ඔහුගේම යතුරු පැදියේ නැඟ නිවසින් පිටත්ව ගොස් ඇති අතර මද දුරක් ගොස් පිහියකින් ඇන තිබේ.

පිහි පහර කෑ පුද්ගලයා තම නිවස දෙසට දිවගොස් ඇති අතර මිරිස් ගලකින් යළි ඔහුගේ හිසට පහර දී ඔහුව ඝාතනය කර තිබේ.

මියගිය පුද්ගලයාගේ දේහය ගලේවෙල රෝහලේ තබා ඇති අතර වස  පානය කළ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ගලේවෙලෙ පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

ඡායාරූප පහතින්

 

කාංචන කුමාර ආරියදාස -දඹුල්ල

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2016 12:51