April 28, 2024

තවත් වෙඩි තැබීමක් ගාල්ලේ දී (VIDEO)

ගාල්ල බද්දේගම ගුරුසින්ගොඩ දෙල්ගහ හංදිය ප්‍ර‍දේශයේදී ඊයේ (04) රාත්‍රීයේ සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව වාර්තා වේ.

වෙඩි තැබීමෙන් තුවාලලැබූ පුද්ගලයා ඊයේ රාත්‍රී සැත්කමකට භාඡනය කර තිබේ.

තම යතුරු පැදියෙන් මළ ගෙදරක යමින් සිටි තුවාලකරුට තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු වෙඩි තබා පලාගොස් ඇති අතර ඉන් පසු තුවාලකරු යතුරුපැදිය ද සමඟ ඇලකට වැටී ඇති අතර ප්‍ර‍දේශවාසීන් එක්ව ඔහු රෝහල් ගතකර ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූ තැනැත්තා මීටියාගොඩ කළුපේ පදිංචි 48 හැවිරිදි රාඡ් කුමාර නම් අයෙකි.

ඔහුට විරුද්ධව ද මිනිමැරුම් නඩුක් පවතින බව බද්දේගම පොලීසිය සඳහන් කළ අතර බද්දෙගම පොලීසිය සිද්ධිය පිළිබඳ විශේෂ විමර්ෂනයක් සිදුකරයි.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2016 12:50