April 28, 2024

විද්‍යා ඝාතනය ඇසින් දුටු සාක්ෂිකරුවෙක්

යාපනයේ විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට ඇසින් දුටු සාක්ෂිකරුවෙකු අද (04) කයිට්ස් මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

කයිට්ස් පොලීසිය සඳහන්කළේ අදාළ සාක්ෂිකරු ලබාදුන් තොරතුරු අනුව සිද්ධියේ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවයි.

2015 වසරේ මැයි මස 13 වනදා යාපනය කයිට්ස් පුංකුඩිතිව් ප‍්‍රදේශයේදී සමූහ දූෂණයකට ලක්කර ඝාතනය කරනු ලැබූ විද්‍යා දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මුළු සැකකරුවන් ගණන 11කි.

අද පැවති නඩු විභාගයෙන් පසු ඔවුන් ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් ඒ.එම්.එම්. රියාල් මහතා නියෝග කළ බව ද වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2016 12:50