April 28, 2024

වකුගඩු ජාවාරමේ 8ක් අත්අඩංගුවට

වකුගඩු ජාවාරමට සම්බන්ධ බව කියන ඉන්දීය ජාතිකයින් 08 දෙනකු ප්‍රශ්න කිරීම සඳහා පොලීසිය විසින් වැල්ලවත්තෙන් හා හැව්ලොක් ටවුම ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

අත්අඩංගුවටගත් පිරිස අතර වැල්ලවත්තේ තට්ටු ගොඩනැගිල්ලක 07 වැනි මහලේ සිටි හය දෙනකු ද හැව්ලොක් ටවුමේ දෙදෙනකු ද වේ.

බඩේ කැපුම් තුවාල ද සහිතව සිටි මොවුන් අතර රියදුරන් හා ටේලර්වරුන් ද සිටින බව පොලීසිය පවසයි.

මෙම ජාවාරමට සම්බන්ධ තවත් පිරිස් සොයා පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.

Rate this item
(0 votes)