May 04, 2024

බන්ධනාගාර බස් රථයකට දෙමටගොඩදී වෙඩි තැබීමක් 

දෙමටගොඩ ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමක් සිදු වී ඇතැයි වාර්තා වෙයි.

වෙඩි තැබීමෙන් සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් මොටර් රථයකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවත් ආරංචි මාර්ග පවසයි.

මින් "දෙමටගොඩ චමින්ද" නමැත්තාගේ උදරයට වෙඩි වැදී ඇති අතර ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහල තුළ සැත්කමකට භාජනය කරමින් සිටින බව පැවසේ.

"දෙමටගොඩ චමින්ද" නමැත්තා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ සැකකරුවෙකුවන අතර ඔහු ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය සිදු කොට ඇති බවට සැක කරයි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 02 March 2016 16:48