May 04, 2024

මහින්දත් අත්අඩංගුවට ගැනීමට සූදානම් - අත්අඩංගුවට ගන්නා පිරිසගේ නම් හෙළිවෙයි!

February 29, 2016

තමන් ඇතුළු පිරිසකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වන ලෙස ඇතැම් උදවිය මාධ්‍ය හමුවේ හඩනගා පැවසුවත් වැටී තිබු පක්ෂය ගොඩ නැගූ තමන් ඉන් ඉවත් කිරීම ඇතැමුන් හිතන තරම් පහසු නොවන බව හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන් අස්නොවන බවත් පක්ෂයෙන් තමන්ව ඉවත්ක‍රන්න උත්සහ කරන උදවියට එය ටිකක් අමාරුවනු ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේය.

මන්ත්‍රීවරු 56 කට අඩුවී කඩාවැටී තිබුණු පක්ෂය ගොඩනැගුවේ තමන් බවත් පක්ෂයෙන් තමන් ඉවත්විය යුත්තේ ඒ නිසාද කියා ප්‍රශ්න කරන බවත් ඒ මහතා කීය.

හිටපු ජනපතිනරයා ඊයේ (28) මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පැවසී ය.

ආණ්ඩුවට එරෙහිව පොල් ගැසීම දේශපාලන වුවමනාවක් වෙනුවෙන් සිදුකරන්නක් නොවන බවත් ඒකාබද්ධ විපක්ෂය මෙන්ම ජනතාවද මෙයට සම්බන්ධවී සිටින බවත් හෙතෙම අවධාරණය කළේය.

ඉදිරියේදී නාමල්, ගෝඨාභය, බැසිල්, විමල්, මහින්දානන්ද, රෝහිත, වෙල්ගම පමණක් නොව තමන්වද අත්අඩංගුවට ගනු ඇති බවත් රටේ ප්‍රශ්න හමුවේ  ජනතාව ආණ්ඩුවට එරෙහිව නැඟීසිටීම වැලැක්වීම පිණිස ඔවුන්ගේ අවධානය වෙනත් පැත්තකට යොමුකිරීම සඳහා රජය මෙවැනි ක්‍රියා සිදුකරන බවත් මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

ජනතාව ශ්‍රීලනිපයට බලය ලබාදී ඇත්තේ එජාපය හා එක්ව ආණ්ඩු කිරීමට නොවන බවත් සිරිසේන ජනපතිවරයාද එය පිළිගන්නා බැවින් පක්ෂ මන්ත්‍රීවරුන්ට විපක්ෂයේ සිටින්නට ඉඩදී තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ජනතාව ආණ්ඩුවෙන් අපේක්ෂා කරන ප්‍රතිඵල නොලැබෙන විට ආණ්ඩු විරෝධී රැල්ල තමන් වටා රොක්වන බවද හෙතෙම කීය.

කමල් සුරවීර - මහනුවර 

Rate this item
(1 Vote)
Last modified on Monday, 29 February 2016 01:18

Related items