May 12, 2024

ඌවේ කුඩු රජු දැලේ (PHOTOS)

February 20, 2016

ඌව පළාතේ ප්‍රධාන නගර කිහිපයකට හෙරෝයින් මත්කුඩු ඊසි කෑෂ් ක්‍රමයට විකිණූ තැනැත්තෙකු මත් කුඩුත් සමඟ අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාස විශේෂ විෂ මත් ද්‍රව්‍ය වැටලීම් ඒකකය සමත් වී තිබේ.

තණමල්විල දෙව්රම් වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු ප්‍රධාන බෙදාහැරීම් නියෝජිතයෙකු බවත් මීට පෙර ද ගංජා අලෙවි කිරීමේ  නිරත වී සිටිය දි අත්අඩංගුවටගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇප ලබා සිටින අයෙක් බවත් පොලිසිය සඳහන් කරයි.

මොණරාගල, බුත්තල, තිස්සමහාරාමය, වැල්ලවාය, කතරගම, ඇල්ල යන ඌව පළාතේ ප්‍රධාන නගරයන්හි මොහු මත් කුඩු බෙදා හැරිම සිදුකරන බවත් ඒ සඳහා මෙම ජාවාරම්කරුට කොළඹ  ප්‍රදේශයෙන් මත් කුඩු ලැබෙන බවත් පොලීසිය කරන ලද විමර්ශන වලින් හෙළිවී තිබේ.

ඒ සම්බන්ධව වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වන බව වාර්තා වේ.

ඡායාරූප පහතින්.

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2016 14:37