May 16, 2024

බලපිටිය අධිකරණය අසල වෙඩි තැබීමක් - සාක්ෂිකරුවෙකු මරුට

February 16, 2016

බලපිටිය අධිකරණය අසල මීට සුළු මොහොතකට වෙඩි තැබීමක් සිදුව තිබේ.

මෙසේ වෙඩි තබැ ඇත්තේ ගුවන් හමුදා භටයකුට පිහියකින් ඇන තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධ නඩුවකට පෙනී සිටීම සඳහා උසාවියට පැමිණෙමින් සිටි දෙදෙනකුට බව වාර්තා වේ.

වෙඩි තැබීමෙන් එක් අයකු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළු කරනු ලැබ ඇත.

ඝාතකයා බසයක නැගී පළා ගිය බව ඇසින් දුටු සාක්ෂිකරුවෝ පවසති.

මියගිය පුද්ගලයා කේ. ඒ. පියරත්න නමැත්තෙකු වන අතර මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් හා ඒ හිමියන්ගේ රියදුරුට හා තවත් අයකුට එරෙහි නඩුවක් අද දින උසාවියේ විභාගයට ගැනීමට නියමිතව තිබිණි. 

Rate this item
(0 votes)