May 07, 2024

නාඳුනන මළ සිරුරක් මහනුවර නගරයේ (VIDEO)

මහනුවර නගරයේ ශ්‍රී සුමංගල මාවතේ මීරම්මක්කම් මුස්ලිම් දේවස්ථානයට නුදුරු ව්‍යාපාරික ස්ථානයක් අසල තිබී නාඳුනන මළසිරුරක් මහනුවර මුලස්ථාන පොලීසිය විසින් අද (15) උදෑසන සොයාගත් බව වාර්තා වේ.

පොලීසිය සඳහන් කරන්නේ වයස අවුරුදු 50ක් පමණ සිතිය හැකි මෙම පුද්ගලයාගේ මළසිරුර සොයා ගන්නා අවස්ථාව වන විට ඔහුගේ දෙකනින් රුධිරය වහනය වෙමින් පැවති බවත් ශරීරයේ පිටත සුළු තුවාල කිහිපයක් තිබු බවත් ය. 

මෙය පුද්ගල ඝතනයක්දැයි පොලීසිය සැකකරන අතර ලේ තැවරුණු රෙදි කැබිලි කිහිපයක් ද ප්‍රදේශයක ලිපිනය සහිත ලියවිල්ලක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අදාළ මළ සිරුර සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරි පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව ද මහනුවර මුලස්ථාන පොලීසිය සඳහන් කරයි.

මහනුවර - කමල් සුරවීර

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Monday, 15 February 2016 11:31