May 05, 2024

තිදරු මවක් ගිනිතබා ඝාතනය කරයි (VIDEO)

දිගන කුඹුක්කඳුර ප්‍රදේශයේ තිදරු මවක් අද (11) පෙරවරුවේ ගිනිතබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මොහොමඩ් මුතාලිබ් ෆාතිම සියරා නමැති 35 හැවිරිදි තැනැත්තියක් වන අතර ඇගේ නිවසට යාබද නිවසේ පදිංචි ඥාතියෙකු විසින් මෙම ගිනි තැබීම සිදුකර ඇති බවට සැකකරන අතර ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මිය ගිය කාන්තාවගේ සිරුරට පෙට්ට්‍රල් වත්කොට ගිනි තබා ඇති අතර ඇගේ සැමියා විදේශගතව ඇති බවත් සිද්ධිය සිදුවන අවස්ථාවේ දරුවන් තිදෙනා ද නිවසේ නොසිටි බවත් සඳහන් වේ.

පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට පොලීසිය සැකපළ කරයි.

මොහොමඩ් රිපාස් නමැති සැකකරු කලක් බන්ධනාගාරගතව සිට ඇපමත නිදහස්වූ  අයෙකු වන අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා තෙල්දෙණිය පොලිසිය මේ වනවිට පරීක්ෂණ මෙහෙයවයි.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2016 13:01