May 06, 2024

උසාවි ආ මහින්ද මාධ්‍යට මුහුණ නොදී පිටව යයි

February 11, 2016

CSN නාලිකාව පිළිබඳ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂ මහතා අද (11) උදෑසන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔහුගේ පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද කඩුවෙල අධිකරණ භූමියට පැමිණ සිටි අතර මාධ්‍යවේදීන් වෙත කිසිදු අදහසක් නොදක්වා ඔහු පිටව ගොස් ඇති බව වාර්තා වේ.

වෙනදාට මාධ්‍ය වෙත සුහදශීලී ලෙස කතා කරන ඔහු අද දින මෙලෙස පිටව යාම කැපී පෙණුනු සිදුවීමක් විය.

යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු 5 දෙනා ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කරන ලදී.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 11 February 2016 11:24

Related items