May 19, 2024

ඥානසාර හිමි අධිකරණයෙන් පිටවෙද්දී බුදුගුණ සිහිකරයි (VIDEO) 

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමිට හෝමාගම මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (09) රුපියල් ලක්‍ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක්‌ මත ඇප නියම කළේය.

අධිකරණයට අපහාස කිරීමේ නඩුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප නියම වුවද සන්ධ්‍යා එක්‌නැලිගොඩ මහත්මියට තර්ජනය කිරීමේ සිද්ධියට ඥනසාර හිමියෝ අද (10) දක්‌වා යළි රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබූහ.

ඊයේ හෝමාගම අධිකරණය හමුවේ පෙනී සිටි ඥානසාර හිමියන්ට ඇප කොන්දේසි තුනක්‌ නියම කළ අධිකරණය හෝමාගම අධිකරණය ඉදිරිපිට වූ සිද්ධිය පිළිබඳ මාධ්‍යයන්ට ප්‍රකාශ ලබාදීම, ප්‍රසිද්ධ ස්‌ථානයක ප්‍රකාශ නිකුත් කිරීම හා අදාළ සංවිධානයේ සාමාජිකයන් හමුවේ ප්‍රකාශ නිකුත් නොකරන ලෙසට වූ ඇප කොන්දේසි නියම කෙරිණි.

ඥානසාර හිමියනට ඇප දිය හැකිදැයි අද සළකා බලන බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

රිමාන්ඩ් කිරීමෙන් පසු ඥානසාර හිමියන් බන්ධනාගාර රියට ගොඩවූයේ ‘සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා‘ යන ගාථා පාඨය කියමිනි.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 February 2016 16:38