May 19, 2024

යෝෂිතගෙන් පසු යසාරාත් අත්අඩංගුවට?

February 08, 2016

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් මහතාගේ ඝාතනය පිළිබඳ පුවත් අතර දැඩි කතාබහකට ලක් වූ යසාරා අබේනායක මහත්මිය අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පුවත් ආරංචි මාර්ග පවසයි.

ඒ ඇය, නීති විරෝධී ගණුදෙනු සිදු වූවා යැයි පැවසෙන CSN නාලිකාවේ ඉහළ තනතුරක් දැරීම හේතුවෙනි.

කෙසේ වෙතත් යසාරා අබේනායක මහත්මිය මේ වන විට විදේශගතව සිටින බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට සහ කෞෂාන් දිසානායක, රවිනාත් ප්‍රනාන්දු, නිශාන්ත රණතුංග යන මහත්වරුන් CSN සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාරගතව සිටිති.

"කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්" හෙවත් CSN නාලිකාව ආරම්භ කිරීමට යොදා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 2.3ක ප්‍රාග්ධනය නීත්‍යානුකූල නොමැතිව උපයාගත් මුදල් වන බවත්, එම මුදල් විදෙස් රටක සිට මෙරටට එවා ඇති බවත් එම කරුණු මේ වන විට තහවුරු වී ඇති බවත් රජය ප්‍රකාශ කරයි.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා CSN සිදුවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව අනාවරණය කළේ ය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 February 2016 11:17