May 19, 2024

යුද්ධාධිකරණ විරෝධී පෙත්සමට මහින්ද අත්සන් කරයි

February 08, 2016

පසුගිය යුධ සමයේ දී රට වෙනුවෙන් සටන් කළ යුධ සෙබළුන් රැකගැනීමට ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය එපා - රණවිරු දඩයම නවතනු’යන තේමාවෙන් රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මගින් සංවිධානය කළ මහජන පෙත්සමක් රජයට ඉදිරිපත් කිරීමට අත්සන් ලබාගැනීම අද (08) කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ දී ආරම්භ වී තිබේ.

පෙත්සම සඳහා අත්සන් ලබාගැනීම හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

එම අවස්ථාට සහභාගී වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද පෙත්සමට සහයෝගය දක්වමින් අත්සන් කළේ ය.

Rate this item
(1 Vote)
Last modified on Monday, 08 February 2016 13:29

Related items