May 05, 2024

ශිරන්ති ජනපති කොමිසමට පැමිණෙයි (PHOTOS)

February 01, 2016

ප‍්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂ මහත්මිය බරපතල වංචා විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවට අද (01) පැමිණ තිබේ.

ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මාධ්‍ය උපදේශකවරයෙකු ලෙස සිටි පුද්ගලයෙකුට නියමිත තක්සේරුවෙන් පරිබාහිර ව නිවසක් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් බරපතල වංචා විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම විමර්ශන සිදු කරයි.

ඒ සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප‍්‍රකාශ ලබා ගැනෙන බව වාර්තා වේ. කහතුඩුවේ පිහිටි රුපියල් ලක්ෂ 55ක් වටිනා මෙම නිවස රුපියල් ලක්ෂ 05කට ඔහුට ලබා දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඡායාරූප පහතින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 February 2016 09:20