May 18, 2024

ඇඹිලිපිටි සිද්ධියේ සාක්කි උසාවියෙදී පොලීසිය උදුරාගනී (VIDEO)

ඇඹිලිපිටියේ සාදයක දී පොලිසිය හා ප්‍රදේශවාසීන් අතර ඇතිවූ ගැටුමකින් පසු උඩු මහළෙන් වැටී මිය ගිය බව කියන සුමිත් ප්‍රසන්න ජයවර්ධන නමැත්තාගේ මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි සටහන් කරගැනීම ඊයේ (13) සිදුකෙරිණි.

එම සිදුවීමට අදාළව ඇඹිලිපිටිය අධිකරණයේ දී මාධ්‍යවේදීන් සටහන් තබාගැනීම සිදුකරද්දී පොලිස් කොස්තාපල්වරයකු විසින් එම සටහන් උදුරා ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට පැමිණිලි කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා එම පොලිස් කොස්තාපල්වරයාගෙන් ප්‍රශ්න කර ඇති බවත්, උසස් පුද්ගලයකුගේ නියෝග අනුව එලෙස කළ බව පොලිස් කොස්තාපල් කී බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

‍කොස්තාපල්වරයා උදුරා තබාගත් සටහන්පොත් නැවත මාධ්‍යවේදීන්ට ලබාදුන්නේ ඇයිදැයි විමසූ විට කොස්තාපල්වරයා පවසා ඇත්තේ මාධ්‍යවේදීන්ට සාක්ෂි සටහන් කරගැනීමට අයිතියක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා උසාවි රෙජිස්ටාර්ට දැන්වීමෙන් පසු ලබාගත් සටහන් නැවත ඔවුන්ට ලබාදීම සිදුකළ බවයි.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 January 2016 09:46