May 09, 2024

විදුහල්පතිට පහරදුන් සිසුවා අත්අඩංගුවට (VIDEO)

පාසැලේ විනයභාර ගුරුවරයා මෙන්ම සහකාර විදුහල්පතිවරයාට විකට් කූරකින් පහරදුන් බව කියන 17 හැවිරිදි පාසල් සිසුවා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එම පාසැල් සිසුවා ඊයේ (12) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ගාල්ල මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය විසින් ඔහු ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළාය.

පෙරේදා  (11) පෙරවරුවේ පාසල් කාලය තුළ මෙය සිදුව ඇති අතර සිද්ධියට හේතුවී ඇත්තේ කොණ්ඩය කපා ගන්නා ලෙසට එම ගුරුවරයා විසින් සිසුවාට කරන ලද දැනුම්දීමක් යැයි වාර්තා වේ.

එම දැනුම්දීමෙන් පසු අදාළ ගුරුවරයා වෙනත් කටයුත්තක නිරතව සිටියදී මෙලෙස සිසුවාගේ ප්‍රහාරයට ලක්ව ඇති අතර සිද්ධිය පිළිබදව අක්මීමණ පෙලීසිය පරීක්ෂණ පවත්වයි. 

වීඩියෝව පහතින්.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 January 2016 10:36