May 05, 2024

තරුණයෙකුගේ මරණයකින් වැලිමඩත් නොසන්සුන් (VIDEO)

වැලිමඩ, ඩයරබා වතු යායේ පදිංචිව සිටි 20 හැවිරිදි තරුණයෙකුගේ මරණයක් හේතුවෙන් ප්‍රදේශවාසී ජනතාව නොසන්සුන් වී තිබේ.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > > 

එම ප්‍රදේශයේ තැබෑරුමක සේවකයෙකු විසින් පසුගිය 31 වැනි දා අදාළ තරුණයාට පහර දී ඔහුගේ නිවස අසළ දමා ගොස් ඇති අතර පහරකෑමට ලක් වූ තරුණයා බදුල්ල මහ රෝහලේ දී මියයාමත් සමඟ මෙම නොසන්සුන් තත්ත්වය හටගෙන ඇත.

කුපිත වූ ජනතාව තරුණයාට පහරදුන් පුද්ගලයා සේවය කළ තැබෑරුමට පහර දී අළාභ හානි සිදු කර ඉන් නොනැවතී ගස්, ගල් සහ ටයර් යොදා ඩයරබා මාර්ගය ද අවහිර කර ඇත.

ප්‍රදේශයේ හටගෙන ඇති නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් කැරලි මර්ධන ඒකකය යොදවා තිබේ.

වීඩියෝව පහතින්.

Rate this item
(2 votes)
Last modified on Monday, 11 January 2016 16:59