May 08, 2024

හිරුණිකා ගැන රන්ජන් කතා කරයි

යහපාලන ආණ්‌ඩුව විසින් දොවා ගත් කිරි කළයට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගොම එකතු කළ බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙක්‌ පැහැරගෙන යැමේ සිද්ධියට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සම්බන්ධ බව මුළු රටම දන්නා නමුත් පොලිසිය ඇයව අත්අඩංගුවට ගන්නෙ නැති බව ඔහු වැඩි දුරටත් පැවසුවේ ය.

එමෙන්ම පොලිසිය දේශපාලනඥයන්ට තාමත් බය බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාමනායක මහතා මෙසේ අදහස් පළ කළේ ය.

"යහපාලන ආණ්‌ඩුව හදන්න අපි ගොඩක්‌ වෙහෙසුණා. ජීවිත පරිත්‍යාගයෙන් කැපකිරීමෙන් කටයුතු කළා. එදා දේශපාලන වේදිකාවෙදි හිරුණිකා සුදුවෑන්වලට විරුද්ධව කෑගැසුවා. ඒත් බලයට ආවට පස්‌සෙ එයාලා කළු ඩිෆෙන්ඩර් දාලා මිනිස්‌සු අරගෙන යනවා. මේක වැරදි වැඩක්‌. වරදක්‌ කළා නම් රන්ජන් රාමනායක වුණත් අත්අඩංගුවට ගන්න ඕනේ. මේ පැහැර ගැනීම වෙන අහිංසක මිනිහෙක්‌ කළා නම් ඒ මිනිහා මෙලහකට හිරෙත් ගිහිල්ලා.

පසුගිය ආණ්‌ඩුව කාලේ පොලිසිය දේශපාලනඥයන්ට පුදුම බයක්‌ දැක්‌වූවා. ඒ බය තවමත් පොලිස්‌ නිලධාරීන්ගෙන් මැකී ගිහින් නැහැ. යහපාලන ආණ්‌ඩුව යටතේ එහෙම වෙන්න අවශ්‍ය නැහැ. වරදක්‌ කළා නම් පාර්ලිමේන්තු මන්ත්‍රි, ඇමැති කියලා නීතිය ක්‍රියාත්මක නොකර ඉන්න බැහැ. එහෙම වුණොත් අපි දුක්‌ මහන්සියෙන් ගොඩනගපු යහපාලනයෙන් වැඩක්‌ නැහැ.

හිරුණිකාගේ ආරක්‌ෂකයො එයාගෙ ඩිෆෙන්ඩර් එකෙන් ගිහින් තරුණයෙක්‌ පැහැරගත්ත හැටි මුළු රටම CCTV කැමරාවලින් දැක්‌කා. පොඩි දරුවෙක්‌ අධිකරණයේ සාක්‌කි දුන්නා. හිරුණිකා මේ තරුණයාට තර්ජනය කළා කියලා. ඒත් පොලිසිය කියනවා හිරුණිකා අල්ලන්න සාක්‌ෂි නැහැ කියලා. මේක මහ ලැඡ්ජා නැති වැඩක්‌. හිරුණිකාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා යහපාලන ආණ්‌ඩුවට වෙච්ච කැළල සදාකාලික එකක්‌ වෙනවා"

Rate this item
(1 Vote)