May 02, 2024

IS ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

IS ත‍්‍රස්තවාදී සංවිධානය පිළිබඳ ශ‍්‍රී ලංකාවේ ත‍්‍රිවිධ හමුදාව මෙන්ම බුද්ධි අංශ ද පැය 24 පුරාම අවධානයෙන් සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යශය වැඩිදුරටත් සඳහන් කරන්නේ ශ‍්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳ කිසිදු අනියත සැකයක් ඇතිකර නොගත යුතු බවයි.

මේ බව දැක්වුණේ ආරක්ෂක අමාත්‍යංශය විසින් ඊයේ (06) නිකුත් කළ නිවේදනයකය.

ඇතැම් මාධ්‍ය විසින් පසුගිය කාලයේ දී අත්‍යවශ්‍ය බුද්ධි තොරතුරු අනවශ්‍ය ලෙස හෙළි කර ඇතැයි ද එය සිය විමර්ශනවලට බාධාවක් බවද ආරක්ෂක අමාත්‍යංශය මෙම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

Rate this item
(0 votes)