May 04, 2024

ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයෙන් ප්‍රංශ දුම්රිය 99න් බේරේ - සංවේදී දසුන් සහිතයි

බෙල්ජියමේ සිට ප්‍රංශය දක්වා ගමන් කරමින් තිබූ අධිවේගී දුම්රියකට අද (22) එල්ල වන්නට ගිය ත්‍රස්ත ප්‍රහාරයක් වලක්වා ගැනීමට හැකිව තිබේ.

ඉස්ලාමීය ත්‍රස්තවාදියෙකු මෙම දුම්රිය තුළ මහා ජන සංහාරයක් සිදු කිරීමට සූදානමින් සිට ඇති අතර ඔහුව තම ග්‍රහණයට ගෙන විශාල ජීවිත ගණනක් බේරා ගැනීමට දුම්රියේ ගමන් ගත් අමෙරිකානු සෙබලුන් දෙදෙනෙකු සහ සිවිල් අමෙරිකානුවෙකු සමත් වී ඇත.

මෙම අමෙරිකානු සෙබලුන් යුරෝපයෙහි නිවාඩුවක් ගත කරමින් සිට ඇති අතර අදාළ ත්‍රස්තවාදියා දුම්රියෙහි නානකාමරය තුළ දී ප්‍රහාරයට සූදානම් වන අයුරු ඔවුන් විසින් අහම්බයෙන් දැකීමෙන් අනතුරුව ක්ෂණිකව ක්‍රියාත්මක වී ත්‍රස්තවාදියාව මෙල්ල කරගෙන තිබේ.

මෙහි දී අමෙරිකානු ජාතිකයින් තිදෙනා තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. නමුත් ඔවුන්ට ජීවිත අවධානමක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම මෙම ත්‍රස්ත ප්‍රහාරය වලක්වාගත නොහැකි වූවා නම් විශාල ජීවිත හානි ගණනක් සිදු වීමට ඉඩ තිබූ බව පැවසේ.

වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(2 votes)
Last modified on Saturday, 22 August 2015 13:25