May 17, 2024

පැරෑලියේ වෙඩි තැබීමක් (VIDEO)

පැරෑලිය තෙල්වත්ත ප්‍රදේශයේ දී අද (06) වෙඩි තැබීමක් සිදුවී තිබේ. 

නිවාඩුවට නිවසට පැමිණ සිටි හමුදාවේ සාජන් මේජර්වරයකු බව කියන පුද්ගලයකු සිය පුතු සමග කොණ්ඩය කැපීමට නගරයට ගොස් එමින් සිටියදී ඔහුගේ යතුරුපැදිය පසුපස හඹා ආ යතුරු පැදිකරුවන් දෙදෙනකු මෙසේ වෙඩි තබා ඇතැයි වාර්තා වේ.

සාජන් මේජර්වරයාට වෙඩි වැදී නැති බවත් ඔවුන්ගෙන් බේරීමට ඔහු යතුරුපැදිය ද දමා පැනගොස් ඇති බවත් පොලිසිය සදහන් කරයි.

ඊයේ (05) රත්ගම හිටපු ප්‍රාදේශීය සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා ඝාතනය කිරීම සම්බන්ධව සැකපිට ඇප ලබා සිටින මිටියාගොඩ පදිංචි සැකකරුවකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණු අතර එම වෙඩි තැබීමට ප්‍රතිප්‍රහාරයක් වශයෙන් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇතැයි පොලීසිය සැක පළකරයි.

මේ අතර තෙල්වත්ත මිදිගස්වත්ත ප්‍රදේශයේ ධීවරයකුට වෙඩි තැබීමට පැමිණි අයකු පිළිබඳ පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ පිළිබඳව ද පරීක්ෂණ සිදුකරන බව මීටියාගොඩ පොලිසිය ප්‍රකාශකර සිටී.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 January 2016 15:14