May 17, 2024

විල්පත්තුවේ දැව කැපූ සෙබළු 15 ක් දැලේ

විල්පත්තු රක්ෂිත වනයේ අනවසරයෙන් දැව කපා ප්‍රවාහනය කරමින් සිටි යුදහමුදාවේ පහලොස්දෙනෙකු මන්නාරම සිලාවතුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන මන්නාරම මහේස්ත්‍රාත් ඒ.සී.ඇලෙක්ස් රාජා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් පණස් දහස බැගින් වූ ශරීර ඇපමත ඔවුන්ව නිදහස් කොට තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශකර සිටියේ සිලාවතුර පොලීසිය මගින් මොවුන් සමග යුදහමුදා ට්‍රක් රථයක් ද අත් අඩංගුවට ගත් බවයි.

මෙම පිරිස දැවකැපීම සිදුකළේ කුමන අරමුණක් මතද යන්න පිළිබදව මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව ද ඒ මහතා සදහන්කර සිටී.

දියසේන රතුගමගේ

Rate this item
(0 votes)