May 17, 2024

නිදාසිටියදී කපාකොටා ඝාතනය කරලා

තිනියාවල පිටිගල ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ නිදන කාමරය තුලදී කපා කොටා ඝාතනය කර තිබේ.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ හෙට්ටිආරච්චිගේ සුජීව නමැති 42 වියැති තිනියාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඝාතනයට අදාළ සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඝාතනයට හේතුව ද මෙතෙක් හෙළි වී නොමැත.

මෘත ශරීරය සම්බන්ධයෙන් මතුගම මහේස්ත්‍රාත්වරයා මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර තිනියාවල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 January 2016 14:11