May 19, 2024

ව්‍යාජ නඩු පැටලවීමේ තැතක් ගැන මහින්ද හෙළි කරයි

December 01, 2015

තමාට පක්ෂව සිටින දේශපාලනඥයින්ට විරුද්ධව ව්‍යාජ චෝදනා යටතේ නඩුවලට පැටලීම මගින් ආණ්ඩුවට එක් කර ගැනීමට උත්සාහයක් ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (30) දින පවසා ඇත.

එහෙත් මින් ඉදිරියට විපක්ෂයේ කිසිදු දේශපාලනඥයෙකු ආණ්ඩුවට එක් වීම සිදු නොවන බව රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

හිටපු ජනාධිපතිවරයා මෙසේ ද  අදහස් පළ කොට ඇත.

"ආණ්‌ඩුව පැත්තට යන කට්‌ටිය දැන් ගිහිල්ලා ඉවරයි. ආණ්‌ඩුව දැන් බොරුවට කියනවා අරයා එනවා මෙයා එනවා කියලා. ඒත් මින් ඉදිරියට කිසිම කෙනෙක්‌ ආණ්‌ඩුවට සහයෝගය දෙන්න එන්නෙ නැහැ. මට සහාය දෙන අයට ආණ්‌ඩුව පැත්තට හරවා ගන්න ඒ අය ලොකු උත්සාහයක නිරත වෙනවා. ඒත් ඒක පලක්‌ වෙන්නේ නැහැ"

Rate this item
(1 Vote)