May 16, 2024

මරණ දඬුවමින් පසු හඬාවැටුණු වාස් ගුණවර්ධනගේ ප්‍රකාශය

November 28, 2015

"මොහොමඩ් සියාම් මැරුවේ අපි නොවෙයි. තාත්තා කෙනෙක් පුතෙක් මිනී මරන්න යවනවද? රහස් පොලිසිය අල්ලා ගන්නා පුද්ගලයන් ත්‍රස්තවාදී පනත යටතේ රඳවා ගෙන ඔවුන්ට බොරු නඩු ගොතනවා. මෙය රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර ගොතපු නඩුවක්." යැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඊයේ (27) කොළඹ මහාධිකරණයේ දී ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල ඉදිරිපිට දී හඬා වැටෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

සියාම් ඝාතනය සඳහා මරණ දඬුවම නොදීමට හේතු ඇත්නම් කියන්නැයි විනිසුරුවරුන් දැන්වූ අවස්ථාවේ ඔහු එලෙස පැවසූ බවයි සඳහන් වන්නේ.

එමෙන්ම වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිඳු ගුණවර්ධන මහතා පවසා ඇත්තේ "අපි මේ අපරාධය කළේ නෑ. මේ වගේ තාත්තා කෙනකුගේ පුතකු වීමට ලැබීම ගැන මා ආඩම්බර වෙනවා. තාත්තා එක්ක එකට හිරේ යන්න ලැබීම ගැන සතුටු වෙනවා." යනුවෙනි.

තමන් මේ අපරාධය නොකළ බව සෙසු විත්තිකරුවෝ ද පවසා ඇති අතර නඩුව අවසන් වී විනිසුරුවරුන් පිටව ගිය පසු සියාම්ගේ මව සහ ඥාතියකු වාස් ගුණවර්ධන මහතා සමඟ කතා කර අතට අත දී පිටව යනු දක්නට ලැබිණි.

ඡායාරූප පහතින්

සබැඳි පුවත්

වාස් ගුණවර්ධනට මරණ දඬුවම ලැබුනේ ඇයි - සම්පූර්ණ කතාවේ වීඩියෝ වාර්තාව (VIDEO)
වාස් ගුණවර්ධන වෙනුවෙන් අභියාචනයක් 
'පුතාගේ ඝාතනයට වාස් වැරදි නැහැ' - සියාම්ගේ පියා කියයි
වාස් ගුණවර්ධනට සහ පුත්‍රයාට මරණ දඬුවම (PHOTOS)

ඡායාරූප පහතින්

Rate this item
(1 Vote)
Last modified on Sunday, 29 November 2015 11:36