May 20, 2024

'ශ්‍රීලනිපය මගේ සහය එපා කියනවා' - මැතිවරණය ගැන මහින්දගෙන් ඉඟියක් (VIDEO)

ආණ්ඩුව විධායක ජනාධිපති ධුරය අහෝසි නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සිය ජන්ම දිනය වෙනුවෙන් ඊයේ (19) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට ජනතාව වෙනුවෙන් රජය විවේචනය කිරීමේ අයිතියක් පවතින බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සහයෝගය දක්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද, එසේත් නොමැති නම් ඒකාබද්ධ විපක්ෂයට දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටි අතර ඊට ප්‍රතිචාර දැක්වු මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ එය ප්‍රකාශ කිරීමට තවමත් කල් වැඩි බවයි. 

හෙට ඉදිරිපත් කරන අයවැයෙන් අමු මිරිස් කිලෝව රුපියල් 1200 සිට රුපියල් සියය දක්වා මිල අඩු කරනු ඇති බවටද හිටපු ජනාධිපතිවරයා මෙහිදී අදහසක් ප්‍රකාශ කළේය. 

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)

Related items