May 13, 2024

මහින්ද අද කොමිසමට නොයයි - පරීක්ෂණය හෙටට කල්යයි

November 19, 2015

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව බරපතල දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පැවැත්වෙන විභාගය හෙට (20) දක්වා කල් තැබිණි.

ඊට හේතුව වූයේ පැමිණිල්ලේ සාක්කි විත්තියට නොලැබීමයි.

රාජපක්ෂ මහතාගේ නීතිඥ ගාමිණී මාරපන මහතා කොමිසමට කියා සිටියේ එම සාක්කි නොමැතිව හරස් ප්‍රශ්න ඇසිය නොහැකි බවයි.

එම සාක්කි ලබාදෙන ලෙස පැමිණිල්ලට නියම කළ කොමිසම සාක්කි විභාගය සිකුරාදාට කල් තැබීය. මහින්ද රාජපක්ෂ මහතා අද පැමිණ සිටියේ නොසිටි අතර ඔහු කැමැති නම් කොමිසමට පැමිණ සාක්කි ලබාදිය හැකි බවත් කොමිසම ප්‍රකාශ කර ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රචාරණ කටයුතු සඳහා ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ දැන්වීම්වලට අදාළව මුදල් නොගෙවීමේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අද (19) යළිත් බරපතල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණෙන ලෙස දැනුම්දී තිබේ. 

හිටපු ජනාධිපතිවරයාගේ ඊයේ දිනයට යෙදී තිබුණු ජන්ම දිනය නිමිත්තෙන් ආගමික වතාවත් සිදුකිරීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත යාමට නියමිතව ඇති හෙයින් අද දිනයේදී හිටපු ජනාධිපතිවරයා මෙම කොමිසම හමුවේ පෙනී නොසිටින බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පැවසී ය.

පසුගිය ඔක්තෝම්බර් 10 සහ 29 හා 30 යන දිනවලද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බරපතල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණි අතර පසුගිය සැප්තැම්බර් මස 23 වනදා හිටපු ජනාධිපතිවරයාගෙන් මිරිහානේ පිහිටි නිවසට ගොස් මුල්වරට කොමිසමේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් ද ලබාගෙන තිබිණි. 

Rate this item
(0 votes)

Related items