May 09, 2024

ජන්ම දින සැමරුමට මහින්ද අනුරපුරට යයි 

November 18, 2015

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 70 වැනි ජන්ම දිනය නිමිත්තෙන් අද (18) පස්‌වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී විශේෂ ආගමික උත්සවයක්‌ පැවැත් වේ.

ඒ අනුව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සෙත්පතා ආශීර්වාද පූජාවක් ‌ද, රුවන්වැලි සෑරදුන් අබියස දී විශේෂ පහන් පූජාවක්‌ පැවැත්වීමට නියමිතයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම ආගමික උත්සවය සංවිධානය කර ඇති අතර කළගුණ දන්නා ජනතාව හිටපු ජනාධිපතිවරයාට ආශීර්වාද කිරීමට අද පස්‌වරුවේ පැවැත්වෙන මෙම පිංකමට සහභාගි වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී අද පැවැත්වෙන උත්සවයට සහභාගීවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස්‌ පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට සහ ආසන සංවිධායකවරුන්ට ද ආරාධනය කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 November 2015 17:14

Related items