May 10, 2024

අනුරපුර යන හේතුව මහින්ද හෙළි කරයි

November 18, 2015

අද දින (18) තමන් අනුරාධපුරයට යන්නේ දේශපාලන පක්ෂ හැදීමට නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ තම ජන්ම දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද වැඩසටහන් මාලාවට සමගාමිව බෙලිඅත්ත සිරිසුනන්ද මහ විහාරස්ථානයේ දී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ විශේෂඥ වෛද්‍ය සායනයට සහභාගි වෙමිනි.

එහි දී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේ අදහස් දැක්වූවේ ය.

"හෙට ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරලා තියෙනවා බෝධි  පුජා සහ වෙනත් වැඩසටහන්. මම එකට යනවා. එහෙම නැතිව දේශපාලන පක්ෂ හදන්න නොවෙයි. එක බොහොම පැහැදිලිව කියන්න. ඕන මම යන්නේ දේශපාලන පක්ෂ හදන්න නොවෙයි. මම ශ්‍රී මහා බෝධිය වදින්න වෙනදා නම් හැම මාසයකම එනවා. මේ පාර යන්න බැරි වුනා. ඒ හින්ද තමයි මම මේක හෙටට දාගත්තේ.  සමහරු මතයක් ගෙනියනවා මේක දේශපාලන වැඩපිළිවෙලක් කියලා. එක සම්පුර්ණ වැරදියි"

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 November 2015 09:51

Related items