May 12, 2024

මහින්දට ඇතුළු 7කට නොතීසි

November 13, 2015

ලංකා ගමනාගමන මණ්ඩලයට අය විය යුතු රුපියල් මිලියන 142 සම්බන්ධව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ තවත් 6 දෙනෙකුට කොළඹ වානිජ මහාධිකරණය මගින් නොතීසි නිකුත් කර තිබේ. 

එම 6 දෙනා අතර එවකට එජනිස මහලේකම් ධූරය දැරූ සුසිල් ප්‍රේම්ජයන්ත මහතා, එවකට ශ්‍රිලනිප මහලේකම්ව සිටි අනුර ප්‍රියදර්ශණ යාපා මහතා සහ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් යාපා යන මහත්වරුන් ද සිටින අතර පසුගිය ජනාධිපතිවරණ සමයේ දී මැතිවරණ කටයුතු සඳහා මුදල් නොගෙවා ලංගම බස්රථ භාවිත කලා යැයි පැවසෙන සිදුවීම සම්බන්ධව මෙලෙස නොතීසි නිකුත් කර තිබේ.

කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා මෙලෙස නොතීසි නිකුත් කළේ මාර්තු මස 10 වෙනි දා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසටයි.

 

Rate this item
(1 Vote)
Last modified on Sunday, 15 November 2015 10:58

Related items