May 20, 2024

පෙමට තිත තැබූ පෙම්වතියට 14වරක් වෙඩි තැබූ සෙබළා (VIDEO)

මාතර - වැවහමන්දූව ප්‍රදේශයේ දී නාවික හමුදා සෙබළෙකු සිය පෙම්වතියට වෙඩි තබා ඔහු ද වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබේ.

මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කළ 26 හැවැරිදි තරුණියකට ටී. 56 ගිනි අවියකින් මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බව මාතර පොලීසිය පවසයි.

තරුණියට වෙඩි උණ්ඩ 14ක් වැදී ඇති අතර ඇය ඝාතනය කිරීමෙන් පසු නාවික හමුදා සෙබළා ද සිය හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

මිය ගිය සෙබලා සිය රාජකාරී ගිනි අවියෙන් අදාළ අපරාධ සිදුකර ඇති අතර එය ප්‍රේම සබඳතාවක් මත සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවල දී අනාවරණ වී ඇත.

ඊයේ (10දා) රාත්‍රියේ දී මෙම වෙඩි තැබීම සිදු ව තිබෙන අතර ප්‍රේම සම්බන්ධයක් අතර මග නවතා තැබීම ඝාතනයට හේතුව බව වාර්තා වේ. තංගල්ල නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටි සෙබලා රාජකාරී ඇඳුම් පිටින්ම පැමිණ මෙම අපරාධය සිදු කර තිබේ.

ඝාතනය සඳහා යොදා ගත් ටී - 56 ගිනි අවිය සහ උණ්ඩ 43ක් සහිත මැගසීනය ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. 

වීඩියෝව පහතින්. (සංවේදී දසුන් සහිතයි)

Rate this item
(3 votes)
Last modified on Wednesday, 11 November 2015 09:29