May 05, 2024

තවමත් අභිරහසක් වූ කොටකෙතන ඝාතනය

කහවත්ත කොටකෙතන ඕපාතවත්ත ප්‍රදේශයේදී හතළිස්‌ අටහැවිරිදි කාන්තාවක ඝාතනයට ලක්‌වී සති තුනකට ආසන්න කාලයක්‌ ගත වුව ද ඊට සම්බන්ධ සැකකරුවකු පිළිබඳ කිසිදු තොරතුරක්‌ මේ වනතුරුත් හෙළිකර ගැනීමට පොලිසියට හැකි වී නොමැත.

ඉකුත් සැප්තැම්බර් 28 වැනිදා මෙසේ වාර්තා වූයේ කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ දී අභිරහස්‌ අන්දමින් ඝාතනයට ලක්‌වූ 19 වැනි කාන්තාවයි.

මෙසේ ඝාතනය කෙරුණේ තේ දලු කැඩීමෙන් පසුව සිය නිවස බලා යමින් සිටි තිදරු මවක් වන අතර තියුණු ආයුධයකින් පහර දී කපා කොටා මෙම ඝාතනය සිදු කර තිබිණි.

පොලිස්‌පතිගේ නියමයෙන් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ පවත්වාගෙන යන අතර මේ වනවිට කොටකෙතන ප්‍රදේශයේ පුද්ගලයන් සියයකට අධික පිරිසකගෙන් ප්‍රශ්න කර කටඋත්තර ලබාගෙන ඇත.

Rate this item
(0 votes)
Last modified on Friday, 16 October 2015 09:29