May 05, 2024

මහින්ද දෙවන දිනටත් වංචා දූෂණ කොමිසමට

පසුගිය ජනාධිපතිවරණ දැන්වීම් ප්‍රචාරය කිරීමේ දී ස්‌වාධීන රූපවාහිනියේ සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් පවත්වන විමර්ශණයේ සාක්‍ෂි ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීට සුළු මොහොතකට පෙර දෙවන දිනයටත් ජනාධිපති දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ ඇත. 

බරපතල අපරාධ හා වංචා දූෂණ විමර්ශන පිළිබඳ ජනාධිපති කොමිසමට මහාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමේ බලයක් ජනපතිට නැති හෙයින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම කොමිසමට කැඳවීමට බලයක් නැතැයි ද එම කොමිසම නීති විරෝධී යැයි ද හිටපු ජනපතිගේ නීතිඥ ගාමිණී මාරපන මහතා ඊයේ (15) මූලික විරෝධතාවයක් මතු කළේය.

ඒ අනුව මෙම මූලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සහ කොමිසමේ කටයුතු ද ‍අද (16) දක්වා කල් ගියේය.

Rate this item
(0 votes)
Last modified on Friday, 16 October 2015 10:19

Related items