May 04, 2024

සේයා ඝාතනයේ DNA අණු කොණ්ඩයාගේ අයියාට ගැලපේ

කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ DNA පරීක්ෂණයේ වාර්තාව අද (14) දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී සනාථ වී ඇත්තේ දැරියගේ සිරුරෙන් හමු වූ ඝාතකයාගේ යැයි සැක කෙරෙන ආගන්තුක DNA අණු, මීට පෙර ප්‍රධාන සැකකරු වූ දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොන්ඩයාගේ සොහොයුරා වන සමන් ජයලත්ගේ DNA ගැලපී ඇති බවයි. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෝසමක් මගින් ඉදිරිපත් කළ මෙම වාර්තාව  මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර සේයාගේ පියාගේ DNA වාර්තාව ද ඉදිරිපත් කර ඇත.

එහි සඳහන් වී ඇත්තේ පියාගේ DNA සමඟ මළසිරුරේ තිබූ DNA අණු නොගැලපෙන බව යි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 15 October 2015 08:55