May 04, 2024

සේයා ඝාතන සිද්ධියේ අවසන් DNA වාර්තාව අද අධිකරණයට

කොටදෙනියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති 'කොණ්ඩයා' නමැත්තාගේ සොහොයුරු සමන් ජයලත්ගේ සහ දැරියගේ පියාගේ DNA වාර්තාව අද දින (14) මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඊයේ පස්වරු හය පමණ වන විට අදාළ පරීක්ෂා කිරීම් අවසන් වූ බව ජින්ටෙක් ආයතනය ප‍්‍රකාශ කර තිබේ.

සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර සැකපිට අත්අඩංගුවට ගත් එක්දරු පියාගේ සහ පාසල් සිසුවාගේ DNA වාර්තා නොගැලපුනු අතර ඉන් පසු ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දුනේෂ් පි‍්‍රයශාන්ත හෙවත් කොණ්ඩයාගේ DNA වාර්තා ද නොගැලපෙන බව අනාවරණය විය.

Rate this item
(0 votes)