May 04, 2024

බෝම්බයක් පෙන්වා ඊයේ සිදුකළ බැංකු කොල්ලයේ CCTV වීඩියෝව

දඹුල්ල නගරයේ පෞද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ 08 කට ආසන්න මුදලක් ඊයේ (13) පෙරවරුවේ කොල්ලකා තිබේ.

මුහුණ ආවරණය කරගත් පුද්ගලයෙකු බැංකුව වෙත පැමිණ අත්බෝම්බයක් පෙන්වා බිය කර මෙලෙස මුදල් පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

කොල්ලකරු මුදල් සමග බැංකු සේවකයෙකු ද පැහැරගෙන මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් නවතා ඔහු එහි නංවාගෙන ගොස් තිබේ.

අනතුරු ව එම බැංකු සේවකයා අතරමග ස්ථානයක දමා ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

එම සිදුවීමට අදාල CCTV දසුන් පහතින් නරඹන්න.

Rate this item
(0 votes)