May 02, 2024

මැ.කො. කෝනේෂ්වරම් යයි

September 09, 2015

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (08) පස්වරුවේ ත්‍රිතුණාමලය කෝනේෂ්වරම් කෝවිලේ පැවැති හින්දු ආගමික වැඩසටහනක් සඳහා එක් විය.

මැතිවරණ දෙපාර්තමේන්තුවට වසර 60 ක් පිරීම නිමිත්තෙන් මෙම ආගමික වතාවත් පැවැත්වුණු අතර මෙම අවස්ථාවට ත්‍රිකුණාමලය දිසාපති එන් ඒ ඒ පුෂ්පකුමාර, සහකාර මැතිවරණ කොමසාරිස් නාලක රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

ත්‍රිකුණාමලය සහකාර මැතිවරණ කොමසාරිස් සජිත් වසන්ත වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ආගමික වැඩසටහන් සංවිධානය කර තිබූ අතර
 
කොමසාරිස්වරයා එහි දී මාධ්‍ය හා අදහස් දක්වමින් පැවසූවේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමට යෝජනා වී තිබුණ ද අවශ්‍ය නම් එය මනාප ක්‍රමයට වුව ද පැවැත්විය හැකි බව යි.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනිමේ බලය පාර්ලිමේන්තුව සතු බව ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ ය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 September 2015 11:00