May 17, 2024

එක්නැලිගොඩ ගිරිතලේට රැගෙන ගියා යැයි කියන බුද්ධි අංශයේ 3ක් අත්අඩංගුවට

September 07, 2015

මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතා පැහැර ගෙන ගොස්‌ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් විශ්‍රාම ගිය යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් තිදෙනකු අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් එක්‌නැලිගොඩ මහතා පැහැරගෙන යෑමට සහ ඔහු ගිරිතලේ හමුදා කඳවුරේ සිරකරගෙන ප්‍රශ්න කිරීමට සම්බන්ධ වූවන් බව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක්‌ කළ පරීක්‌ෂණවල දී අනාවරණය වී ඇති බව වාර්තා වේ.

මොවුන් සොයා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව අවස්‌ථා කිහිපයකදී ඔවුන්ගේ නිවෙස්‌ වටලා ඇති නමුත් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී තිබේ.

පෙරේදා (05) යුද හමුදාව මගින් මෙම හිටපු යුද හමුදා සාමාජිකයන් තිදෙනා නීතිඥ වරුන් මාර්ගයෙන් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගත් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම අරඹා ඇති බව වාර්තා වේ.

එක්‌නැලිගොඩ මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට යුද හමුදා කර්නල්වරුන් තිදෙනකු ඇතුළු යුද හමුදා බුද්ධි අංශයේ දැනට රාජකාරි කරන සහ විශ්‍රාම ගිය දසදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

Rate this item
(0 votes)
Last modified on Monday, 07 September 2015 11:54