May 02, 2024

කොකාකෝලා සිද්ධියට පසු කැලණි ගඟ අවට කම්හල් සියල්ල පරීක්ෂාවට

September 06, 2015

කැලණි ගඟට රසායනික ද්‍රව්‍ය මුසු කරන්නේ ද යන්න පිළිබඳව ගංගාව අවට  කර්මාන්තශාලා සියල්ල පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරය පවසයි.

එහි සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි මහතා සදහන් කළේ එහි පළමු පියවර වශයෙන් කැලණි ගගේ අඹතලේ ජල පවිත්‍රාගාරයට ඉහළින් අවිස්සාවේල්ල දක්වා පිහිටි මහා පරිමාණ කර්මාන්තශාලා 76ක් මෙලෙස පරීක්ෂාවට ලක්කරන බවයි.

පසුගිය අගෝස්තු මස 17 වැනි දා අඹතලේ ජල පවිත්‍රාගාරයට ඉහළින් බියගම ප්‍රදේශයේ පිහිටා ඇති කොකාකෝලා සමාගමේ කර්මාන්ත ශාලාවක් මගින් කැලණි ගංඟාවට  රසායන ද්‍රව්‍යයක් මුසු වීම සිදු වූ අතර ඒ හේතුවෙන් කොළඹ  ප්‍රදේශ කිහිපයක ජලය බෙදාහැරීම අත්හිටුවීමට ද පියවර ගැනුණි.

Rate this item
(0 votes)