May 17, 2024

කොකා කෝලා සමාගමෙන් කැළණි ගඟට මුසු වුණේ ඩීසල් නොවේ

September 05, 2015

කොකාකෝලා කර්මාන්ත ශාලාව මඟින් පසුගිය දා සිදු වූ කැළණි ගඟ දූෂණය වීමේ සිද්ධියට හේතු වූයේ භූමිතෙල් හෝ ඩීසල් හෝ නොව වෙනත් කාබනික රසායනිකයක් බව හෙළිව තිබේ.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති අලහුදීන් අන්සාර් "ද නේශන්" පුවත්පතට පවසා තිබුණේ මෙම සිද්ධියට හේතුව මෙතිලීන් වර්ගයේ කාබනික සංයෝගයක් බව හෙළි වී ඇති බවයි.

අඹතලේ සහ කැළණි ගඟේ වෙනත් ස්ථාන කිහිපයකින් ගෙන ඉන්දියාවට යවා පරීක්ෂා කළ ඇතැම් ජල සාම්පලවල ලීටරයට මිලිග්‍රෑම් 0.5 ක ප්‍රමාණයක් මෙම සංයෝගය අඩංගු වී ඇත​.

මෙතිලීන් සංයෝගවල අහිතකරභාවය සංයෝගයෙන් සංයෝගයට වෙනස් වන නමුදු ඒ කිසිදු සංයෝගයක් පානීය ජලය හා මුසු වීම සුදුසු නොවේ.

කෝලා බීම නිශ්පාදනය හා බැඳුන එක් මෙතිලීන් සංයෝගයක් වන්නේ 4-මෙතිලීන් ඉමිඩසෝල් (4-MeI) ය​. මෙය කැරමල් වර්ණකවල අඩංගු වන අතර 2011 දී ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තය විසින් පිළිකාජනක සංයෝගයක් ලෙස සැක කරන සංයෝගයක් ලෙස මෙය නම් කළේ ය​.

මෙම සංයෝගය දිනකට මයික්‍රෝග්‍රෑම් 29 කට වඩා ගැනීම සෞඛ්‍යයට අහිතකර විය හැකි බව කැලිෆෝර්නියා ප්‍රාන්තය නිගමනය කළේය​. කොකා කෝලා ලීටරයක මයික්‍රෝග්‍රෑම් 700 දක්වා මෙම සංයෝගය අඩංගු විය හැකි බව පරීක්ෂණ මගින් පෙන්වා දී ඇත​.

Rate this item
(0 votes)
Last modified on Sunday, 06 September 2015 11:47