May 01, 2024

ඇමති මණ්ඩලය වැඩි කිරීමට ජවිපෙ විරුද්ධයි

September 03, 2015

ජාතික ආණ්‌ඩුවේ අමාත්‍ය මණ්‌ඩලය වැඩි කිරීමේ යෝජනාවට විරුද්ධව අද දින (03) පාර්ලිමේන්තුවේ දී ඡන්දය ප්‍රකාශ කරන බව ජනතා විමුක්‌ති පෙරමුණ පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාව විවාදය සඳහා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර කැබිනට්‌ ඇමැතිධුර සංඛ්‍යාව 30 ක්‌ සහ කැබිනට්‌ නොවන, හා නියෝජ්‍ය ඇමැතිධුර 40 ක්‌ පත්කිරීම සිදු නොකර ඊට වඩා වැඩියෙන් ඇමැති ධුර පත්කිරීමට තම පක්‍ෂය එකඟ නොවන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

වත්මන් ආණ්‌ඩුවද රාජපක්ෂ ආණ්ඩුව ගමන්ගත් මාර්ගයේම යමින් තම බලය තහවුරු කරගැනීමට කටයුතු කරන්නේ නම් තමුන් ඊට ද එරෙහි වන බව අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේ ය.

Rate this item
(1 Vote)

Related items