April 27, 2024

අනියම් පෙම නිසා අභිරහස් ලෙස පුද්ගලයෙක් මිය යයි

මිහින්තලේ ප්‍රදේශයේ දී පසුගිය 20 වැනි දා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති අතර එම පුද්ගලයාට අයත් ත්‍රීරෝද රථය අතුරුදන් ව තිබිය දී අද (25) පොළොන්නරුව ප්‍රදේශයේ තිබීයදී සොයාගෙන තිබේ. 

වෙඩි තබා ඝාතනයට ලක් ව ඇති පුද්ගලයා මිහින්තලේ නුවර පාර,  වල්ලාමොරණ ප්‍රදේශයේ පදිංචි කොස්ගොල්ලේගෙදර විමල් නමැති 53 හැවිරිදි පුද්ගලයෙකි. අනියම් පෙම් සබඳතාවයක් හේතුවෙන් මෙම පුද්ගලයාට වෙඩි තබා ඝාතනය කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

මරණයට පත් පුද්ගලයා සිය බිරිඳ සමග නිතර ආරවුල් ඇති කර ගනිමින් සිට ඇති බවත් අමනාප වූ ඇතැම් දිනවල දි දින 03, 04 නිවසට නොපැමිණෙන බවත් අප වාර්තාකරු පවසයි.

මිය ගිය පුද්ගලයා ඉකුත් 20 වැනි දා අභිරහස් ලෙස වෙඩි තබා ඝාතනය කර ඇති අතර ඊයේ (24) ඔහුගේ භූමදාන කටයුතු සිදුකෙරිණි.

ත්‍රීරෝද රථය හමු වූ ස්ථානයට රස පරීක්ෂකවරයා පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඒ පිළිබද වැඩිදුර පරීක්ෂණ මිහින්තලේ සහ පොළොන්නරුව පොලිස් ස්ථාන විසින් සිදු කරයි. 

පොළොන්නරුව - සමීර ධනංජය

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 August 2015 17:37